Breathefree පිළිබඳව

Breathefree යනු නිදන්ගත ශ්වසන රෝග ඇති රෝගීන් සඳහා Cipla වෙතින් සැපයෙන මහජන සේවා වැඩසටහනකි. එය ශ්වසන සත්කාර සඳහා පුළුල් රෝගී ආධාරක පද්ධතියකි. ඇදුම, නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය (COPD) සහ අසාත්මික ඝ්‍රාණප්‍රදාහය (Allergic rhinitis) වැනි ශ්වසන රෝග ඇති රෝගීන්ට උපකාර කිරීමට Breathefree කැපවී සිටී. එය රෝග විනිශ්චය, උපදේශනය සහ ප්‍රතිකාර නිසි ආකාරයෙන් ගන්නේ ද යන සියලු දෑ ගැන සැලකිලිමත් වෙයි. හුස්ම ගැනීමේ ගැටලුවක් ඇති සෑම කෙනෙකුටම සාමාන්‍ය සහ ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා Breathefree විවිධ වැඩසටහන් සහ කඳවුරු සංවිධානය කරනු ඇත.

www.srilanka.breathefree.com යනු, නිදන්ගත ශ්වසන රෝග සම්බන්ධ තොරතුරු සියල්ලම ලද හැකි තෝතැන්කි. එම වෙබ් අඩවිය ඇදුම,නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය (COPD) සහ අසාත්මික ඝ්‍රාණප්‍රදාහය (Allergic rhinitis) වැනි ගැටළු සඳහා තොරතුරු, විසඳුම් සහ සහාය සපයයි. එපමණක් ද නොව, උපදේශනය හරහා නිවැරදි ප්‍රතිකාර සඳහා රෝග නිර්ණයට සහය වීමට උපකාර කළ හැකි උපදේශකයින් වෙත ළඟා වීමට ද වෙබ් අඩවිය උපකාර කරයි.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න