හරි හුස්මක්
යනු ශ්වසන රෝග තත්ත්වයන් ඇති රෝගීන්ට එම රෝග තත්ත්වයන් මූලික අවදියේදීම හදුනාගෙන එම තත්ත්වයන් පාලනය කරමින්, වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කරගැනීමට උපකාර කිරීමේ අරමුණින් යුතුව දියත් කරනු ලැබූ Breathefree ප්‍රජා සත්කාර ව්‍යාපෘතියකි!
ආරම්භයේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කරා යොමු වීම හරහා ඇදුම රෝගය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි වුවද බොහෝ දෙනා තුළ ඒ සම්බන්ධව ඇත්තේ අල්ප දැනුමකි. එහෙයින් 'හරි හුස්මක්' ව්‍යාපෘතිය හරහා පුරවැසියන්ව නිසි ආකාරයෙන් දැනුවත් කරමින්, ශ්වසන රෝග තත්ත්වය නිසා අපහසුවකින් තොරව හරි හුස්මක් ගන්නා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩ නැගීම අපගේ ඒකායන අපේක්ෂාවයි. #සීමාවන්_අභිබවා_යන්න #හරි_හුස්මක්
#සීමාවන්_අභිබවා_යන්න #හරි_හුස්මක් ✅
ශ්වසන රෝග මූලික අවදියේදීම හදුනාගැනීම සහ නිසි ඉන්හේලර ප්‍රතිකාර ක්‍රම තුළින් සම්පූර්ණයෙන්ම එම රෝග පාලනය කරගනිමින් සීමාවන් අභිබවා ජීවිතය ජය ගන්න ඔබටත් හැකියි. එලෙස ජීවිතය ජයගත් ඔවුන්ගේ කතාවයි මේ! #සීමාවන්_අභිබවා_යන්න #හරි_හුස්මක්✅
ඔබ හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, නිතර ඇතිවන හෝ නොනවතින කැස්ස, ශ්වසනයේදී හඬක් ඇතිවීම (Wheeze) හෝ පපුව හිරවීම වැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් දැන්ම 1380 අමතන්න.
හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව: ඔබට ඔබේ පෙනහළු තුළට ප්‍රමාණවත් වාතය ලබා ගැනීමට හෝ පිටතට යැවීමට නොහැකි බවක් දැනෙන අතර, ශ්වසනය අපහසු වේ.
නිතර ඇතිවන හෝ නොනවතින කැස්ස: ඔබට දින ගණනාවක් තිස්සේ නොනවතින කැස්සක් ඇති අතර, ඔබ බොහෝ විට රාත්‍රියේ දී හෝ ව්‍යායාම කිරීමකින් පසුව කැස්ස ඇති වන බවක් දැනේ.
ශ්වසනයේදී හඬක් ඇතිවීම ’Wheeze’: ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම විසිල් හඬක් ඇසේ.
පපුව හිරවීම: යමෙකු ඔබේ පපුව මත තෙරපන්නාක් හෝ වාඩි වී සිටින්නාක් මෙන් ඔබට පපුවේ තද බවක් ඇති වේ.