ඉන්හේලර් වර්ග
ඉන්හේලර් හරහා ගත හැකි ඖෂධ වර්ග දෙකක් තිබේ. ඒවා නම්, පාලක හෝ නිවාරක (මෙය ඔබේ රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාරී වේ) සහ සහනකාරක (මෙය රෝග ලක්ෂණ උත්සන්න වූ විට හෝ ඇදුම ඇති වූ විට ක්ෂණික සහනයක් සපයයි) වේ. ඉන්හේලරයෙන් ගන්නා ඖෂධ සෘජුවම පෙනහළු වෙත ළඟා වන බැවින් ඇදුම සහ COPD සඳහා ප්‍රතිකාර කිරීමට සහ පාලනය කිරීමට ආරක්ෂිතම සහ ඵලදායීම ක්‍රමය ඉන්හේලරය බවට ඔප්පු වී ඇත.
ප්රෙශරයිස්ඩ මීටර් ඩෝස් ඉන්හේලර්, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර්, නෙබියුලයිසර් ලෙස ඉන්හේලර් වර්ග 3කි
1. පීඩන මැනුම් මාත්‍රාව ආශ්වාස කරන්නන් (pMDIs)
පම්ප් ඉන්හේලර් ලෙසද හැඳින්වෙන මේවා බහුලව භාවිතා වන ඉන්හේලර් වර්ගය යි. ඒවා ප්රොපලන්ට් සමග ස්ප්‍රේ එකක් මෙන් පෙනහ`ඵවලට නිශ්චිත ඖෂධ ප්‍රමාණයක් ලබා දෙන අතර, එය ආශ්වාස කළ යුතු වේ. එය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම මාත්‍රාවක් බැගින් නිකුත් කරයි. මෙයින් අදහස් කරන්නේ සෑම අවස්ථාවකදීම එකම ප්‍රමාණයක ඖෂධ ප්‍රමාණයක් නිකුත් කරන බවයි. මෙම ඉන්හේලර් ක්‍රියාත්මක වන්නේ රෝගියාගේ ආශ්වාස කිරීමේදී නොවේ. මේ නිසා ඉන්හේලරය ක්‍රියාත්මක වනවාත් සමගම ආශ්වාස කළ යුතු වේ. චඵෘෂ උපාංග මාත්‍රා ගණකයක් සමගද පැමිණෙන බැවින් පහසුවෙන් ඉතිරිව ඇති ඖෂධ ප්‍රමාණය නිර්ණය කරගත හැකිය
පහත උපාංග pMDI සමග පහසුවෙන් භාවිතා කළ හැක
Zerostat VT Spacer
Zerostat VT Spacer එක pMDI වෙත සබැඳිය හැක. එය pMDI ඉන්හේලරය ක්‍රියා කරවීමෙන් පසු ටික වේලාවක් ඖෂධ රඳවා තබා ගනී. එවිට ඖෂධ ආශ්වාස කිරීමට වේලාවක් ලැබෙන බැවින් ඉන්හේලරය ක්‍රියාත්මක කරනවාත් සමගම ආශ්වාස කළ යුතු නොවේ. Spacer එක මු`ඵ මාත්‍රාවම ආශ්වාස කිරීමට අවස්ථාව සලසයි.
Baby Mask
ඔබේ දරුවාට Zerostat VT එකෙහි මුඛයේ තබන කොටස රඳවා ගැනීමට නොහැකි නම් එයට Baby Mask එක සම්බන්ධ කිරීමෙන් පසු ඉන්හේලරය භාවිතා කළ හැකියි
Baby Mask එක නිසා දරුවාට සාමාන්‍ය හුස්ම ගන්නා ආකාරයටම පහසුවෙන් ඖෂධ ආශ්වාස කළ හැකි වේ. pMDI ඉන්හේලරය භාවිතයේදී මුඛය හොඳින් වසා ගැනීමට නොහැකි අයට මෙය වැදගත් වේ.
Huf Puf Kit
Huf Puf එකෙහි Spacer එක සහ baby mask එක අඩංගු කර තිබේ. එය මේ දෙකම සම්බන්ධ කරවූවක් බැවින් හදිසි අවස්ථාවකදී කල් ගත නොකර භාවිතයට ගත හැකිය
2. Dry Powder Inhalers (DPIs)
මෙම වර්ගයේ ඉන්හේලර් වියළි කුඩු ආකාරයෙන් ඖෂධ ලබා දෙයි. DPI ක්‍රියා කරන්නේ ආශ්වාසයත් සමගයි. එනම්, උපාංගය ක්‍රියා කරවීම සඳහා ආශ්වාස කළ යුතු වේ. pMDI ඉන්හේලර් සමග සසඳද්දී ප්රොපලන්ට් අනවශ්‍ය නිසාත්, ක්‍රියාත්මක කරනවාත් සමගම ආශ්වාස කිරීමට අවශ්‍ය නොවන නිසාත් මේවා භාවිතය පහසුය. සාමාන්‍යයෙන් DPI වෙත යෙදිිය හැක්කේ එක් මාත්‍රාවක් පමණක් නමුත් බහු මාත්‍රා උපකරණ ද පවතී.
Revolizer
Revolizer යනු පහසුවෙන් භාවිතා කළ හැකි DPI එකකි. එයට rotacaps නමැති බෙහෙත් කරල් යොදනු ලැබේ. ආශ්වාස කරන ප්‍රමාණය අඩු වූ විට පවා එය නිවැරදි ඖෂධ මාත්‍රාවක් සමග වඩාත් කාර්යක්ෂමව ස්ප්‍රේ කරයි.
DP Haler
DP Haler යනු භාවිතයට පහසු, විනිවිද පෙනෙන DPI එකකි. එයට සාමාන්‍යයෙන් rotacaps නමැති බෙහෙත් කරල් යොදනු ලැබේ. එය විනිවිද පෙනෙන නිසා ඔබ ඖෂධ සියල්ලම ආශ්වාස කළා ද යන්න දැකිය හැකි වේ.
3. Nebulizers
pMDI සහ DPI මෙන් නොව Nebulizer වලින් ආශ්වාසයට පහසු වන ලෙස දියර ඖෂධ බිඳිති බවට පත් කරවයි. Nebulizer ක්‍රියාත්මක කරනවාත් සමග අශ්වාස කළ යුතු නොවේ. එය ක්ෂණිකව සහ ඵලදායීව මීදුමක් ආකාරයෙන් පෙනහ`ඵ වෙත ගමන් කරයි. ඇදුම ඇති වූ විට Nebulizer භාවිතයෙන් අත දරුවන්, කුඩා දරුවන්, වැඩිහියන්, හදිසි රෝගීන්, සිහිය නොමැති රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අතර, pMDI හෝ DPI ඉන්හේලර් ඵලදායීව භාවිතා කිරීමට නොහැකි අයට උචිත වේ.