ඉන්හේලර් පිළිබඳ මිථ්‍යා මතවල ඇත්ත නැත්ත
ලොව පුරා සිටින බොහෝ දෙනෙක් ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස ඉන්හේලර් පිළිගෙන ඇතත්, මෙම උපාංග වටා බොහෝ මිථ්‍යාවන් තවමත් පවතී. ඉන්හේලර් ප්‍රතිකාර නිර්දේශ කළ විට ඇතැමෙක් ඊට පසුබට වන්නේ එනිසා ය. කෙසේ වෙතත්, ඉන්හේලර් භාවිතා කිරීම ආරක්ෂිත සහ ඵලදායී වේ. එබැවින් ඔබට කිසිදු කරදරයකින් තොරව ඒවා භාවිතා කළ හැකිය.
ඉන්හේලර් සම්බන්ධයෙන් මිනිසුන්ට ඇති පොදු මිථ්‍යාවන් කිහිපයක් මෙසේයි :
- මිථ්‍යාව : 1- ඉන්හේලර් වලට ඇබ්බැහි වේ
පොදු විශ්වාස කෙසේ වුවත්, ඉන්හේලර් නිතිපතා භාවිතා කිරීමෙන් ඔබ එයට ඇබ්බැහි වීමක් සිදු නොවේ. ඉන්හේලර් තුළ භාවිතා කරන ඖෂධ ඇබ්බැහිවන සු`ඵ ඒවා නොවේ. කලින් නතර කිරීම රෝග ලක්ෂණ නැවත මතුවීමට හේතු විය හැක. සරලව කිවහොත්, ඇදුම සහ COPD වැනි ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්හේලර් අවශ්‍ය වන අතර ඇබ්බැහි වීමට හේතු නොවේ. ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන තාක් කල් ඉන්හේලර් ප්‍රතිකාරය භාවිතා කළ යුතුය.
- මිථ්‍යාව : 2- ඉන්හේලර් දරුවන්ගේ වර්ධනය අඩාල කරයි
මෙය ඉන්හේලර් පිළිබඳ ඉතා පොදු වැරදි වැටහීමකි. ඉන් පෙනහ`ඵවලට සපයන්නේ ඖෂධ වලින් ඉතා කුඩා මාත්‍රාවන් බැවින් අතුරු ආබාධ ඇති නොකරයි. ඇත්ත වශයෙන්ම, නිතිපතා සහ නියමිත මාත්රාවලින් ගන්නා විට, ආශ්වාස කිරීමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ හැකි ආරක්ෂිතම ප්‍රතිකාරය ඉන්හේලරය යි. තම ශ්වසන රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිතිපතා ඉන්හේලර් භාවිතා කරන දරුවන් සාමාන්‍ය වැඩිහිටි උස දක්වා වර්ධනය වී ඇත.
- මිථ්‍යාව : 3- ස්ටෙරොයිඩ් භාවිතය හානිකරය
ඔබ ඉන්හේලරයක් භාවිතා කරන විට ඖෂධ ගැටළු සහිත ප්‍රදේශය වෙත එනම්, පෙනහළු වලට ඍජුවම ළඟා වේ. එම නිසා ඉන්හේලරය හරහා පෙණහලුවලට ලබාදෙන ඖෂධ ප්‍රමාණය ඉතා කුඩාය. එවැනි කුඩා ප්‍රමාණවලින් කිසිදු හානියක් සිදු නොවේ. ළමුන් සහ ගර්භනී කාන්තාවන් ඇතුළු සෑම කෙනෙකුටම ඉන්හේලර් ආරක්ෂිතව භාවිතා කළ හැකිය. මීට අමතරව, ඉන්හේලර් ඖෂධ සඳහා භාවිතා කරන ස්ටෙරොයිඩ් වර්ගය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාය වර්ධකයන් විසින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන වර්ගයට සමාන නොවේ. මේ අනුව, ඔබට ඕනෑම ආකාරයක අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව අවම වේ. ඇත්ත වශයෙන්ම, ඉන්හේලරය භාවිතා නොකරන සිටිනවාට වඩා නිතිපතා භාවිතා කිරීමෙන් ඔබට (රෝගයෙන්) හානියක් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු කරවයි.
- මිථ්‍යාව : 4- ඉන්හේලර් යනු අවසාන විසඳුමයි
ඉන්හේලර් යනු ඇදුම සහ COPD වැනි හුස්ම ගැනීමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා වන මූලික ඖෂධයයි. ඉන්හේලර් ලොව පුරා බොහෝ ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීමේ වඩාත් ඵලදායී, ආරක්ෂිත සහ පහසු ක්‍රමය ලෙස සැලකේ. ක්ෂණික සහ දිගුකාලීන සහනයක් ලබා දීම සඳහා ඉන්හේලර් මගින් ඖෂධ ගැටළු සහිත ප්‍රදේශවලට එනම්, පෙනහළු සහ ශ්වසන මාර්ගයට ඍජුවම ළඟා වීමට ඉඩ සලසයි. ආශ්වාස චිකිත්සාව යනු ඇදුම සහ COPD වැනි ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයයි. එබැවින් ඔබට ඔබ කැමති ආකාරයට, කිසිදු කරදරයකින් තොරව සාමාන්‍ය, ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ හැකිය.