ප්‍රතිකාර කිරීම
අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ඔබට හැකිතාක් ඔබේ අසාත්මිකතා වළක්වා ගැනීමට උත්සාහ කිරීමයි
අසාත්මිකතා වළක්වා ගන්නා ආකාරය
එළිමහන් අසාත්මිකතාවන්ට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා, ඔබට පහත දෑ කළ හැකිය:
-
පරාග සුළඟට මුසුවන සමයේදී, වාතයේ පරාග ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි බැවින්, දහවල් භාගයේ සහ සවස් කාලයේ හෝ පිටත සුළං ඇති විට නිවසේම සිටින්න
-
ගෙවතු වගා කිරීමේදී හෝ දූවිලි සහිත ස්ථානයකට යන විට මුහුණු ආවරණයක් පළඳින්න.
-
පරාග සහ දූවිලි තැවරෙන බැවින් වියළීම සඳහා ඇඳුම් සහ තුවා පිටත එල්ලා නොතැබීමට උත්සාහ කරන්න.
-
ඔබ පිටත සිටින විට, ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට සහ ඇස් පොඩි කිරීම වැළැක්වීම සඳහා සෑම විටම කණ්නාඩි / අව් කණ්ණාඩි පළඳින්න. ඇස් පොඩි කිරීමෙන් රෝග ලක්ෂණ උග්‍ර අතට හැරිය හැක.
ගෘහස්ථ අසාත්මිකතාවන්ට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා, පහත දෑ කළ හැකිය:
-
කවුළු වසා තබා ගැනීමට උත්සාහ කරන්න.
-
දූවිලි ගැසීම හෝ අතුගෑම වෙනුවට තෙත් රෙදි කඩකින් හෝ මොප් එකකින් බිම පිරිසිදු කරන්න.
-
දිලීර ඇත්නම් ඒවා ඉවත් කිරීම සඳහා බිත්ති නිතිපතා පිරිසිදු කරන්න.
-
ඔබේ ඇතිරිලි, කොට්ට ආවරණ සහ ඇඳ ඇතිරිලි නිතර උණු වතුරෙන් සෝදන්න.
-
කාපට් සහ තිර රෙදි වරින් වර පිරිසිදු කරන්න.
-
දූවිලි මයිටාවන්ට නිරාවරණය වීම අවම කිරීම සඳහා ඔබේ ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, බ්ලැන්කට් යනාදිය සඳහා මයිටාවන් නොරැඳෙන ආවරණ භාවිතා කරන්න.
-
ඔබේ නිවසේ ආර්ද්‍රතා මට්ටම හැකිතාක් අඩු කරන්න (ඔබට de-humidifier එකක් භාවිතා කළ හැකිය), එවිට දිලීරවලට වර්ධනය විය නොහැක.
-
නානකාමර, මුළුතැන්ගෙය, අට්ටාල සහ බිම් මහල වැනි ස්ථාන නිතරම පිරිසිදු කරන්න
-
ඔබගේ මෝටර් රථයේ සහ නිවසෙහි වායු සමීකරණ ඒකකය පිරිසිදුව පවතින බවට වග බලා ගන්න
ඔබ සුරතල් සතුන්ට අසාත්මික නම්, -
-
සුරතල් සතෙකු ස්පර්ශ කළ වහාම ඔබේ අත් සෝදන්න
-
සුරතල් සතුන් සිටින නිවසකට ගිය පසු ඔබේ ඇඳුම් හොඳින් සෝදන්න
-
ඔබේ සුරතලා එළිමහනේ තබා ගන්න
ඖෂධ ලබා ගැනීම
ඔබේ අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහයට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට විවිධ ඖෂධ භාවිතා කළ හැකිය. ඔබේ රෝග ලක්ෂණ වල බරපතලකම සහ ආකාරය අනුව, ඔබේ අසාත්මිකතාව ඉතා දරුණු නම්, ස්ප්‍රේ, පෙති, ඇස් දියර, සිරප් සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර හෝ අසාත්මිකතා එන්නත් වැනි ඖෂධ ඔබේ වෛද්‍යවරයා විසින් නියම කළ හැක.
ඝ්‍රාණ ප්‍රදාහයට ලොව පුරා ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නාසයට ස්ප්‍රේ කරන ඖෂධ පුළුල් ලෙස පිළිගැනේ
නාසයට ස්ප්‍රේ කරන ඖෂධ ඍජුවම ගැට`ඵව ඇති ස්ථානයට ඖෂධ ගෙන යයි. ඖෂධ සෘජුවම නාසයට ඉසින බැවින්, එහි මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු ය. එනම්, අතුරු ආබාධ අවම වේ. ඔබ අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සඳහා ප්‍රතිකාර ගැනීම වැදගත් වන්නේ නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත් කන් ආසාදන, කෝටරක ප්‍රදාහය සහ නාසික මස් වැදලි වැනි සංකූලතා ඇති කළ හැකි බැවිනි.