දරුවන් අතර ඇදුම වෙනස් වන ආකාරය
දරුවෙකු ඇදුම රෝගයෙන් පෙළෙන බව හඳුනාගත් විට, දෙමාපියන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙයි - ඇයි මගේ දරුවාටම මෙහෙම වුණේ? මගේ දරුවා සාමාන්‍ය අයෙකු ලෙස වැඩිවියට පැමිණේවිද? මගේ දරුවාට ක්‍රීඩා කිරීමට හැකිවේද?
ඇදුම ගැන කරදර විය යුතු නැත. ගැටලුව, රෝග ලක්ෂණ, රෝගකාරක සහ ප්‍රතිකාර පිළිබඳ මනා අවබෝධයක් ඇතිවිට දරුවාගේ ඇදුම පාලනය කර ගැනීම අතිශයින් පහසු වන අතර, එවිට ඔබේ දරුවාට නිරෝගී සහ සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ඇදුම යනු ලොව පුරා ළමුන් අතර බහුලව ම දක්නට ලැබෙන ශ්වසන ගැටලුවයි. ළමුන් මිලියන ගණනක් ඇදුම රෝගයෙන් පෙළෙන අතර ඔවුන් එය හොඳින් පාලනය කරගනියි. ඉතින්, ඔබ තනිවී නැත.
සමාජ මතයන් කුමක් කීව ද ළමුන්ට ඇතිවන ඇදුම වැඩිහිටියන්ගේ ඇදුමට වඩා වෙනස් ය. වැඩිහිටියන් හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, කැස්ස සහ පපුවේ තද ගතිය වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, දරුවන්ගේ රෝග ලක්ෂණ විවිධාකාර වේ. බොහෝ ඇදුම ඇති දරුවන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කැස්ස යි. නොනවතින කැස්ස (සති 3-4 කට වඩා වැඩි කාලයක් පවතින) ළමුන් තුළ ඇදුම ඇති බවට දර්ශකයක් විය හැකිය.
නිවැරදි ප්‍රතිකාර සහ කළමනාකරණය සමඟ ඇදුම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව මතක තබා ගැනීම වැදගත්ය. එනම් ඔබේ දරුවාට සාමාන්‍ය දිවියක් ගෙවිය හැකිය.
ඇදුම පාලනය කළ හැකි බැවින් ඔබේ දරුවාගේ වර්ධනය ගැන කරදර විය යුතු නැත.
ඔබේ දරුවාට ඇදුම තිබේ නම් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.
-
ඔබේ දරුවාගේ ඇදුම ඇති කරවන රෝගකාරක හඳුනාගෙන ඒවා වළක්වා ගන්න.
-
ඔබේ දරුවාගේ රෝග ලක්ෂණ කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.
-
ඔබේ දරුවා සඳහා නිර්මාණය කර ඇති ඇදුම පාලන සැලැස්ම අනුගමනය කරන්න
-
ඉන්හේලර් සහ අනෙකුත් ඖෂධ නිවැරදිව භාවිතා කරන ආකාරය ඉගෙන ගෙන, එය ඔබේ දරුවාට උගන්වන්න
-
පැටලීම වැළැක්වීමට පාලක සහ සහනකාරක ඉන්හේලර් වෙන වෙනම ලේබල් කරන්න
-
දරුවා පාසල්, ක්‍රීඩා පිටිය, විනෝද චාරිකා වැනි කොහි ගියත් සහනකාරක ඉන්හේලරය ළඟ ඇති බවට සහතික වන්න
-
ඇදුම ගැන ඔබේ දරුවාට පහසු ආකාරයකින් පැහැදිලි කර දෙන්න. එවිට දරුවා එය අවබෝධ කරගනු ඇත. ඉන්හේලර් වලින් ලැබෙන ප්‍රයෝජනය සහ ඇදුම සම්බන්ධ හදිසි අවස්ථා වළක්වා ගත හැකි ආකාරය ඔබ පැහැදිලි කරන්නේ නම් එයද උපකාරී වනු ඇත
-
ඇදුම ඇති වූ විට ඔබ කළ යුතු පළමු දෙය නම් සන්සුන්ව සිටීම සහ සියල්ල හොඳින් සිදුවනු ඇති බවට ඔබේ දරුවාගේ සිත සැනසීමයි. මෙය සිදු කරන අතරතුර, ඇදුම සඳහා වන හදිසි උපදෙස් අනුගමනය කරන්න
-
ඔබේ දරුවාගේ ඇදුම ගැන පවුලේ අයට, රැකබලා ගන්නන්ට සහ පාසලට දැනුම් දෙන්න. ඇදුම පාලන සැලැස්ම ඔවුන් සමඟ බෙදා ගන්න. ඔවුන්ට හදිසියකදී ඇමතීමට දුරකථන අංක සැපයීමට අමතක නොකරන්න.
-
කෙසේ වෙතත් කළ යුතු වැදගත්ම දෙය නම්, ඔබේ දරුවාට සාමාන්‍ය දිවියක් ගත කිරීමට ඉඩ දීමයි. ඔබේ දරුවාට නර්තනයට, ක්‍රීඩා කිරීමට, පිහිනීමට හෝ ආත්මාරක්ෂක සටන් කලාවන් පුහුණු වීමට අවශ්‍ය නම් ඊට ඉඩ දෙන්න. ඔබේ දරුවාට ඇදුම ඇති පමණින්, ඔහුට/ඇයට විනෝදයෙන් පිරුණු ළමා කාලයක් ගත කළ නොහැකි බව ඉන් අදහස් නොවේ.