රෝග ලක්ෂණ
අසාත්මික ඝ්රාණදාහ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඔබ රෝගකාරකයක් සමඟ ගැටුණු විට ඇති වන අතර ඒවා හඳුනා ගැනීම තරමක් පහසුය. මුල් රෝග ලක්ෂණ සමහරක් පහත පරිදි වේ:
-
නිතර කිවිසුම් යාම (විශේෂයෙන් උදෑසන)
-
නාසයෙන් දියර ගැලීම සහ උගුරේ අමාරුව
-
ඇස්වලින් කඳුළු ගැලීම සහ කැසීම
-
කන්, නාසය සහ උගුර කැසීම
පසුව වර්ධනය විය හැකි රෝග ලක්ෂණ මෙසේයි:
-
නාසය තදවීම
-
හිසරදය
-
තෙහෙට්ටුව සහ නුරුස්නා බව
-
කන් අගුළු වැටීම
-
ගඳ සුවඳ දැනීම අඩු වීම
කාලයාගේ ඇවෑමෙන් අසාත්මිකතාවන් ඔබට අඩුවෙන් බලපාන අතර රෝග ලක්ෂණ පෙරට වඩා අඩු විය හැක.
අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සහ සෙම්ප්‍රතිශ්‍යාව
අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහ රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව සමඟ පහසුවෙන් පටලවා ගත හැකිය. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ දෙක අතර වෙනස හඳුනා ගැනීමට උපකාර වන ඇතැම් වෙනස්කම් තිබේ
අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය |
සෙම්ප්‍රතිශ්‍යාව |
අසාත්මිකතාවන් නිසා ඇතිවේ |
විෂබීජ මගින් ඇතිවේ |
සාමාන්‍යයෙන් උණ හෝ ඇඟපත වේදනාවක් නැත |
ඔබට උණ සහ සිරුරේ වේදනාව ඇත |
ශ්ලේෂ්මල පැහැදිලි සහ දියර සහිතයි |
ශ්ලේෂ්මල කහ/කොළ පැහැති, සහ ඝන වේ |
වැඩි වාරයක් කිවිසුම් යයි |
කිවිසුම් යන්නේ කලාතුරකිනි, සාමාන්‍යයෙන් එකවර කිහිපයකට පමණක් සීමා වේ |
ඇස් වලින් දැඩි ලෙස කඳු`ඵ වැගිරේ |
කඳු`ඵ නොවැගිරේ |
රෝග ලක්ෂණ දින කිහිපයක් පවතී |
දින කිහිපයකින් රෝග ලක්ෂණ පහව යයි |
අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහ රෝග ලක්ෂණ තිබේ නම්, නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත් වේ. අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහයට නියමිත වේලාවට ප්‍රතිකාර කිරීම වැදගත් වේ. නැතහොත් ඇදුම, කන් ආසාදන සහ කෝටරක ප්‍රදාහය (sinusitis) වැනි සංකූලතා ඇති විය හැකිය.