වෛද්‍යවරයා හමුවිය යුතු අවස්ථාව

ව්‍යායාම කිරීම, දිවීම, හෝ කන්දක් නැගීමකින් පසු හුස්ම හිරවීම සාමාන්‍ය දෙයකි. ඇත්ත වශයෙන්ම, ඕනෑම දැඩි ශාරීරික ක්‍රියාකාරකමකින් පසුව හුස්ම හිරවීම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත්, ඔබ පහත සඳහන් ඕනෑම අවස්ථාවක හුස්ම හිරවීමක් අත්විඳින්නේ නම්, ඊට හේතුව හඳුනා ගැනීමට සහ ඔබේ තත්වය කළමනාකරණය කිරීමට වෛද්‍යවරයා හමුවිය යුතුයි.

  • ශාරීරික ක්‍රියාකාරකම් වලින් පසු වෙනදාට පෙර ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනීම.
  • වෙහෙසකර නොවන ක්‍රියාකාරකමක යෙදෙන විට පවා ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම.
  • කිසිම හේතුවක් නොමැතිව ඔබ හයියෙන් හුස්ම ගැනීමට පටන් ගැනීම.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

හුස්ම හිරවීම යනු කුමක්ද?

එය පඩි 10ක් නැඟීමෙන් පසුව හෝ දැඩි ව්‍යායාමයකින් පසුව වුවද, අප සියලු දෙනාම යම් අවස්ථාවක දී හුස්ම හිරවීම අත්විඳ ඇත. ඔබට හුස්ම ගැනීමට අපහසු වූ විට මු`ඵ සිරුරටම අපහසුතාවක් දැනේ. ඔබ අධික ලෙස වෙහෙස මහන්සි වී ඇත්නම් හුස්ම හිරවීම සාමාන්‍ය දෙයකි. එවිට ඔබ ශරීරයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීම සඳහා වේගයෙන් හුස්ම ගනියි. කෙසේ වෙතත්, එදිනෙදා කටයුතු වල යෙදී සිටියදීත් ඔබට හුස්ම හිරවීමක් දැනේ නම්, වෛද්‍යවරයකු හමුවීම වැදගත් ය

හුස්ම හිරවීම යනු ඇදුම, නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය (COPD), රක්තහීනතාවය සහ කාංසාව වැනි බරපතල තත්ත්වයක රෝග ලක්ෂණයක් විය හැකිය. කෙසේ වෙතත්, නිවැරදි රෝග විනිශ්චයක් සහ නිසි ප්‍රතිකාර සමඟ, මෙම සියලු ගැටළු පහසුවෙන් පාලනය කර කළමනාකරණය කළ හැකිය

ඔබට හදිසියේම හුස්ම හිරවීමක් ඇති වූයේ නම් කුමක් කළ යුතුද?

  • කලබල නොවී සිටීමට උත්සාහ කරන්න, නැතහොත් හුස්ම හිරවීම වඩාත් නරක අතට හැරෙනු ඇත.
  • හුස්ම හිරවීම සඳහා පැහැදිලි හේතුවක් නොමැති නම්, වෛද්‍යවරයා අමතන්න. නැතහොත් ළඟම රෝහලට යන්න.
  • ඔබ ඇදුම රෝගියෙකු නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශිත සහනකාරක ඉන්හේලරය භාවිතා කරන්න

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ප්‍රතිකාර කිරීම

අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ඔබට හැකිතාක් ඔබේ අසාත්මිකතා වළක්වා ගැනීමට උත්සාහ කිරීමයි

අසාත්මිකතා වළක්වා ගන්නා ආකාරය

එළිමහන් අසාත්මිකතාවන්ට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා, ඔබට පහත දෑ කළ හැකිය:

  • පරාග සුළඟට මුසුවන සමයේදී, වාතයේ පරාග ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි බැවින්, දහවල් භාගයේ සහ සවස් කාලයේ හෝ පිටත සුළං ඇති විට නිවසේම සිටින්න

  • ගෙවතු වගා කිරීමේදී හෝ දූවිලි සහිත ස්ථානයකට යන විට මුහුණු ආවරණයක් පළඳින්න.

  • පරාග සහ දූවිලි තැවරෙන බැවින් වියළීම සඳහා ඇඳුම් සහ තුවා පිටත එල්ලා නොතැබීමට උත්සාහ කරන්න.

  • ඔබ පිටත සිටින විට, ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට සහ ඇස් පොඩි කිරීම වැළැක්වීම සඳහා සෑම විටම කණ්නාඩි / අව් කණ්ණාඩි පළඳින්න. ඇස් පොඩි කිරීමෙන් රෝග ලක්ෂණ උග්‍ර අතට හැරිය හැක.

ගෘහස්ථ අසාත්මිකතාවන්ට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා, පහත දෑ කළ හැකිය:

  • කවුළු වසා තබා ගැනීමට උත්සාහ කරන්න.

  • දූවිලි ගැසීම හෝ අතුගෑම වෙනුවට තෙත් රෙදි කඩකින් හෝ මොප් එකකින් බිම පිරිසිදු කරන්න.

  • දිලීර ඇත්නම් ඒවා ඉවත් කිරීම සඳහා බිත්ති නිතිපතා පිරිසිදු කරන්න.

  • ඔබේ ඇතිරිලි, කොට්ට ආවරණ සහ ඇඳ ඇතිරිලි නිතර උණු වතුරෙන් සෝදන්න.

  • කාපට් සහ තිර රෙදි වරින් වර පිරිසිදු කරන්න.

  • දූවිලි මයිටාවන්ට නිරාවරණය වීම අවම කිරීම සඳහා ඔබේ ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, බ්ලැන්කට් යනාදිය සඳහා මයිටාවන් නොරැඳෙන ආවරණ භාවිතා කරන්න.

  • ඔබේ නිවසේ ආර්ද්‍රතා මට්ටම හැකිතාක් අඩු කරන්න (ඔබට de-humidifier එකක් භාවිතා කළ හැකිය), එවිට දිලීරවලට වර්ධනය විය නොහැක.

  • නානකාමර, මුළුතැන්ගෙය, අට්ටාල සහ බිම් මහල වැනි ස්ථාන නිතරම පිරිසිදු කරන්න

  • ඔබගේ මෝටර් රථයේ සහ නිවසෙහි වායු සමීකරණ ඒකකය පිරිසිදුව පවතින බවට වග බලා ගන්න

ඔබ සුරතල් සතුන්ට අසාත්මික නම්, -

  • සුරතල් සතෙකු ස්පර්ශ කළ වහාම ඔබේ අත් සෝදන්න

  • සුරතල් සතුන් සිටින නිවසකට ගිය පසු ඔබේ ඇඳුම් හොඳින් සෝදන්න

  • ඔබේ සුරතලා එළිමහනේ තබා ගන්න

ඖෂධ ලබා ගැනීම

ඔබේ අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහයට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට විවිධ ඖෂධ භාවිතා කළ හැකිය. ඔබේ රෝග ලක්ෂණ වල බරපතලකම සහ ආකාරය අනුව, ඔබේ අසාත්මිකතාව ඉතා දරුණු නම්, ස්ප්‍රේ, පෙති, ඇස් දියර, සිරප් සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර හෝ අසාත්මිකතා එන්නත් වැනි ඖෂධ ඔබේ වෛද්‍යවරයා විසින් නියම කළ හැක.

ඝ්‍රාණ ප්‍රදාහයට ලොව පුරා ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නාසයට ස්ප්‍රේ කරන ඖෂධ පුළුල් ලෙස පිළිගැනේ

නාසයට ස්ප්‍රේ කරන ඖෂධ ඍජුවම ගැට`ඵව ඇති ස්ථානයට ඖෂධ ගෙන යයි. ඖෂධ සෘජුවම නාසයට ඉසින බැවින්, එහි මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු ය. එනම්, අතුරු ආබාධ අවම වේ. ඔබ අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සඳහා ප්‍රතිකාර ගැනීම වැදගත් වන්නේ නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත් කන් ආසාදන, කෝටරක ප්‍රදාහය සහ නාසික මස් වැදලි වැනි සංකූලතා ඇති කළ හැකි බැවිනි.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝග විනිශ්චය

ගැටලුව හඳුනා ගැනීමට උත්සාහ කිරීමේදී වෛද්‍යවරයා ඔබේ, සහ ඔබේ පවුලේ වෛද්‍ය ඉතිහාසය, ජීවන රටාව, ආහාර පුරුදු, රැකියා සහ නිවසේ පරිසරය සහ රෝග ලක්‍ෂණ ඇතිවන වාර ගණන මෙන්ම ඔබ මුහුණ දෙන රෝග ලක්ෂණ වල බරපතලකම පිළිබඳව සවිස්තරාත්මක ප්‍රශ්න අසනු ඇත. වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරන අතර ඔබේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන්නේ කුමක් ද යන්න මත පදනම්ව, ඔබට අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය හෝ වෙනත් ගැටලුවක් තිබේදැයි ඔබේ වෛද්‍යවරයා දැන ගනු ඇත.

ඔබේ අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහ රෝග ලක්ෂණ දරුණු නම්, ඔබ අසාත්මික වන්නේ කුමක් දැයි සොයා බැලීම සඳහා ඔබේ වෛද්‍යවරයා අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිය හැක.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝග ලක්ෂණ

අසාත්මික ඝ්‍රාණදාහ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඔබ රෝගකාරකයක් සමඟ ගැටුණු විට ඇති වන අතර ඒවා හඳුනා ගැනීම තරමක් පහසුය. මුල් රෝග ලක්ෂණ සමහරක් පහත පරිදි වේ:

  • නිතර කිවිසුම් යාම (විශේෂයෙන් උදෑසන)

  • නාසයෙන් දියර ගැලීම සහ උගුරේ අමාරුව

  • ඇස්වලින් කඳුළු ගැලීම සහ කැසීම

  • කන්, නාසය සහ උගුර කැසීම

පසුව වර්ධනය විය හැකි රෝග ලක්ෂණ මෙසේයි:

  • නාසය තදවීම

  • හිසරදය

  • තෙහෙට්ටුව සහ නුරුස්නා බව

  • කන් අගුළු වැටීම

  • ගඳ සුවඳ දැනීම අඩු වීම

කාලයාගේ ඇවෑමෙන් අසාත්මිකතාවන් ඔබට අඩුවෙන් බලපාන අතර රෝග ලක්ෂණ පෙරට වඩා අඩු විය හැක.

අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය සහ සෙම්ප්‍රතිශ්‍යාව

අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහ රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව සමඟ පහසුවෙන් පටලවා ගත හැකිය. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ දෙක අතර වෙනස හඳුනා ගැනීමට උපකාර වන ඇතැම් වෙනස්කම් තිබේ

අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය

සෙම්ප්‍රතිශ්‍යාව

අසාත්මිකතාවන් නිසා ඇතිවේ

විෂබීජ මගින් ඇතිවේ

සාමාන්‍යයෙන් උණ හෝ ඇඟපත වේදනාවක් නැත

ඔබට උණ සහ සිරුරේ වේදනාව ඇත

ශ්ලේෂ්මල පැහැදිලි සහ දියර සහිතයි

ශ්ලේෂ්මල කහ/කොළ පැහැති, සහ ඝන වේ

වැඩි වාරයක් කිවිසුම් යයි

කිවිසුම් යන්නේ කලාතුරකිනි, සාමාන්‍යයෙන් එකවර කිහිපයකට පමණක් සීමා වේ

ඇස් වලින් දැඩි ලෙස කඳු`ඵ වැගිරේ

කඳු`ඵ නොවැගිරේ

රෝග ලක්ෂණ දින කිහිපයක් පවතී

දින කිහිපයකින් රෝග ලක්ෂණ පහව යයි

අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහ රෝග ලක්ෂණ තිබේ නම්, නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත් වේ. අසාත්මික ඝ්‍රාණ ප්‍රදාහයට නියමිත වේලාවට ප්‍රතිකාර කිරීම වැදගත් වේ. නැතහොත් ඇදුම, කන් ආසාදන සහ කෝටරක ප්‍රදාහය (sinusitis) වැනි සංකූලතා ඇති විය හැකිය.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ආසාත්මික ඝ්‍රාණප්‍රදාහය (Rhinitis) යනු කුමක්ද?

ඔබ දූවිලි හෝ දුම් අවට සිටින විට නිතර කිවිසුම් යන බව ඔබ අත්දැක තිබේද? එසේ නම්, ඔබ එයට ආසාත්මික වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂබීජ (වෛරස් සහ බැක්ටීරියා) වැනි හානිකර දේවලට එරෙහිව සටන් කරමින් සහ ඔබව ආරක්ෂා කිරීමට කටයුතු කරයි. ඔබට යම් දෙයකින් ආසාත්මිකතාවක් ඇති වෙනවා යනු, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතැම්විට සම්පූර්ණයෙන්ම හානිකර නොවන දෙයකින් (එනම් දූවිලි, ශාක හා ගස්වල පරාග, සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය) පවා ඔබව ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවයි. අසාත්මිකතාවයක් සම, ඇස් සහ නාසය වැනි ශරීරයේ ඕනෑම කොටසකට බලපායි.

අසාත්මිකතා ඉතා සුලබ වන අතර ඕනෑම කෙනෙකුට ඇති විය හැකිය. කෙසේ වෙතත්, ඔබේ පවුලේ ඕනෑම අයෙකුට අසාත්මිකතා වැළඳුණු බවට ඉතිහාසයක් තිබේ නම්, ඔබට ද අසාත්මිකතාවයක් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් ඇත.

ඔබ යම් දෙයකට අසාත්මික වනවා යනු, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම හානිකර නොවන දෙයකින් පවා ඔබව ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවයි

අසාත්මික ඝ්‍රාණදාහය යනු විශේෂයෙන් නාසයට බලපාන අසාත්මිකතාවකි. ඔබ අසාත්මික දෙයක් ආශ්වාස කරන විට රෝග ලක්ෂණ ඇති වීමට පටන් ගනී. මේවා අසාත්මිකතා ලෙස හැඳින්වේ. වඩාත් සුලබ අසාත්මිකතා වන්නේ:

  • පරාග සහ දුම් වැනි එළිමහන් අසාත්මිකතා
  • දූවිලි මයිටාවන්, සුරතල් සතුන්ගේ ලෝම හෝ හිසකෙස්, පුස් (දිලීර) වැනි ගෘහස්ථ අසාත්මිකතා
  • සිගරට් දුම, සුවඳ විලවුන්, රසායනික ද්‍රව්‍ය වැනි අනෙකුත් රෝගකාරක

ඍතුමය හා අඛණ්ඩ ලෙස මෙහි ආකාර දෙකකි.

ඍතුමය ඝ්‍රණදාහය ඇති විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වසර තුළ ඇතැම් කාල පරිච්ඡේදවලදී පමණි. ඔබ පරාග වැනි දෑට අසාත්මික අය අතර මෙය වඩාත් සුලභ වන අතර එය වසරේ ඇතැම් කාලවලදී බහුලව දක්නට ලැබේ.

අඛණ්ඩ ඝ්‍රාණදාහය යනු වසර පුරා නිතිපතා ඇති වීමයි. වසර පුරා පවතින දූවිලි, දුම වැනි දේවලට අසාත්මිකතා ඇති වූ විට මෙය වඩාත් සුලබ වේ.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

COPD සමඟ ජීවිතය

COPD සඳහා නිසි ප්‍රතිකාර සහ කළමනාකරණය අවශ්‍ය වේ. එය පාලනය කිරීමට සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට, ඔබ ඔබේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් හොඳින් අනුගමනය කළ යුතුය.

රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පහව නොයනු ඇති නමුත්, නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව වෙනස් කිරීමෙන් ඔබට ඔබේ ජීවිතය උපරිම ලෙස ගත කළ හැකි වනු ඇත.

  • ක්‍රියාශීලී ජීවිතයක්

ඇවිදීම හෝ යෝගා කිරීම වැනි ක්‍රියාකාරකම් ඔබේ ශ්වසන පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. එනම්, ඔබට වඩා හොඳින් හුස්ම ගත හැකි වේ.

COPD පාලනය කිරීම සඳහා නිශ්චිත ආහාර සීමාවන් නොමැති නමුත්, ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වේ. එපමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගනිමින් නිතිපතා ව්‍යායාම කරන ඔබට COPD බාධාවක් නොවනු ඇත.

  • පෙනහළු පුනරුත්ථාපනය

මෙය විධිමත් වැඩසටහනක් වන අතර එහිදී විශේෂඥයින් කණ්ඩායමක් ඔබේ යෝග්‍යතාවය ගොඩනඟා ගැනීමට සහ ඔබට හැකි පරිදි හුස්ම ගැනීමට උපකාර කරයි. පෝෂණවේදීන්ගේ සිට සමාජ සේවකයන් දක්වා වන එම විශේෂඥයන් ඔබේ ගැටලුව කළමනාකරණය කිරීම සඳහා ඔබට මඟ පෙන්වයි. දුම්පානය නතර කිරීමට, ඉන්හේලර් සහ අනෙකුත් ඖෂධ නිවැරදිව භාවිතා කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සඳහා උපදේශන මෙන්ම, හුස්ම ගැනීමේ අභ්‍යාස ද ඔවුන් සපයනු ඇත.

  • සූදානම් ව සිටින්න

පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක හදිසි ඇමතුම් අංක ඇති බව සහතික කර ගන්න. හදිසි ඇමතුම් අංක, ඖෂධ, ඒවා ලබ ගත යුතු ප්‍රමාණ දුරකථනය තුළ හෝ ශීතකරණය වැනි පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක සටහන් කර තබන්න.

හුස්ම ගැනීම අපහසු නම්, එය හදිසි අවස්ථාවක් විය හැකි බැවින්, වහාම ඔබේ වෛද්‍යවරයා වෙත හෝ රෝහලක් වෙත යන්න.

ඔබව තේරුම් ගන්නා අන් අය සමඟ කතා කිරීම සහනයක් විය හැකිය. බ්‍රීත් ෆ්‍රී ප්‍රජාව සමඟ සම්බන්ධ වී ශ්වසනාබාධ ජයගත් දහස් ගණනක් පුද්ගලයින් සමඟ කතා කරන්න

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

COPD සඳහා ප්‍රතිකාර කිරීම

COPD නිට්ටාවට සුව කරන ඖෂධයක් නැති නමුත් ඔබට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට උපකාරී වන ප්‍රතිකාර තිබේ. COPD තිබීම ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොවේ. නිවැරදි ඖෂධ, නිවැරදි ආහාර වේලක් සහ ජීවන රටාව වෙනස් කිරීමෙන් ඔබට හොඳින් රෝග ලක්ෂණ පාලනය කරමින් සාමාන්‍ය ජීවිතයක් අත්කර ගත හැකිය.

  • දුම්පානයෙන් වළකින්න

ඔබ දුම්පානය කරනවා නම්, ඉන් වළකින්න. ජීවන රටාවේ ඔබ කළ යුතු වැදගත්ම වෙනස මෙයයි. ඔබ කොපමණ කාලයක් පුරුද්දක් කරගෙන සිටිය ද දුම්පානයෙන් ඈත්ව සිටීමෙන් පෙනහළු පටක වලට වන හානිය අවම කර ගැනීමට හැකි වේ. දැන්, ඔබට දුම්පානය නතර කිරීමට උපකාර කළ හැකි නිෂ්පාදන තිබේ. ඔබේ වෛද්‍යවරයාගෙන් ඒවා අසා දැනගන්න.

  • අනෙකුත් පෙනහළු රෝගකාරක වලින් ඉවත්වන්න

දුම්පානයට අමතරව, ඔබේ පෙනහළු වෙත රෝගකාරක පිවිසෙන වෙනත් සාධක තිබිය හැකිය. එනම් වෙනත් අයෙකු දුම්පානය කිරීමෙන් පිටවන දුම, රසායනික වායු සහ දූවිලි ආදියෙන් ඉවත් විය යුතුය.

  • නිවැරදි ඖෂධ නිතිපතා ගන්න

ඖෂධ මගින් රෝග ලක්ෂණ අඩු කර ගත හැකි අතර, දැවිල්ල අඩු කළ හැකිය. COPD ඖෂධ ශ්වසන මාර්ග පුළුල් කිරීම සහ ඉදිමීම අඩු කිරීම සිදු කරයි. COPD සඳහා වන සියලුම නවතම ඖෂධ ඉතා ඵලදායී වන අතර, ඒවා ඔබේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. ඒවා ඉන්හේලර් ආකාරයෙන් ලද හැකි වන අතර, ඉන්හේලර් වඩාත් ආරක්ෂිත වේ. රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා නිතිපතා (වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි) ඖෂධ ලබා ගත යුතු වේ.

ඇතැම් අවස්ථාවලදී COPD නිසා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටිය හැක. ඔබ ඒ ගැන කලබල නොවිය යුතු අතර, එය බාහිර ඔක්සිජන් සැපයුමකින් පහසුවෙන් නිරාකරණය කළ හැකිය.

  • එන්නත්කරණය

COPD ඇති පුද්ගලයින්ට වාතයේ ඇති බැක්ටීරියා, දූවිලි සහ අනෙකුත් දූෂක පෙනහළු ඉවත් කිරීමට අපහසු වන අතර එම නිසා පෙනහළු ආසාදන ඇති වීමට වැඩි ඉඩක් ඇත. එවිට පෙනහළු වලට තවදුරටත් හානි විය හැකිය. මේ නිසා ශ්වසන රෝග ආශ්‍රිත එන්නත් අවශ්‍ය පරිදි ලබා ගැනීම වැදගත් වේ

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝග විනිශ්චය

COPD හඳුනාගැනීම සඳහා තනි පරීක්ෂණයක් නොමැත. දුම්පානය හෝ වෙනත් ආකාරයේ දුම් / වායු / රෝග කාරක, රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂාව සහ ශ්වාසමිතිය (spirometry) නමැති පෙනහළු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව යනාදියෙන් සවිස්තරාත්මක ඉතිහාසයක් ලබා ගැනීමෙන් මුල් අවධියේදී ම COPD හඳුනා ගත හැකිය.

ශ්වාසමිතිය (spirometry) යනු ස්පයිරෝමීටරයක් ලෙස හැඳින්වෙන කුඩා යන්ත්‍රයකින් සිදු කරන පරීක්ෂණයකි. ඔබ ආශ්වාස කරන වාතය ප්‍රමාණය, ඔබේ පෙනහළුවලින් පිටවන ප්‍රමාණය, සහ ඔබේ හුස්ම ගැනීමේ වේගය වාර්තා කිරීමෙන් ඔබේ පෙනහළු කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේද යන්න ඉන් මනිනු ලැබේ.

එම නිසා මෙම රෝග ලක්ෂණ ටික වේලාවකින් පහව නොයන බව අත් දකින්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට කාලය පැමිණ ඇත. එවිට ගැටලුව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ හැකිය. අවසානයේ ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝග ලක්ෂණ

රෝගයේ මුල් අවධියේදී ඔබට COPD රෝග ලක්ෂණ අත්විඳිය නොහැක. පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාලය වන විට ඔබේ පෙණහලුවලට හානි වී තිබිය හැක. ඇතැම් අවස්ථාවල මෙම රෝග ලක්ෂණ වෙනත් රෝගයක ඒවා යැයි කියා හෝ වයසට යාම නිසා යැයි වරදවා වටහා ගන්නා අවස්ථා ද තිබේ. එබැවින්, ඔබ COPD හි ඉහළ අවදානමක් ඇත්නම්, විශේෂයෙන් COPD රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත් වේ. වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ,

  • ව්‍යායාම කිරීමක් වැනි අවස්ථාවක හුස්ම ගැනීමට අපහසු වීම
  • කල්පවතින හෝ නිතර ඇතිවන කැස්ස
  • ශ්ලේෂ්මල ඇතිවීම

ඉහත රෝග ලක්ෂණ කාලයත් සමඟ නරක අතට හැරේ. කලින් ප්‍රතිකාර නොකළහොත්, COPD නිසා ආහාර ගැනීම වැනි සරල කාර්යයන් කිරීමේදී පවා හුස්ම හිරවීම ඇති විය හැක. ඇතැම් විට, හුස්ම ගැනීම සඳහා අමතර වෑයමක් දැරීමට සිදු වන අතර, ඔබ බර අඩු වී දුර්වල වන බව ඔබට පෙනී යා හැක.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න